17th March 2025 14:37:28 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව සහ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල එක්ව හෝමාගම මූලික රෝහලේ කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් වානේ ඇඳන්, ට්‍රොලි සහ රෝද පුටු වැනි අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 13 දින ක්‍රියාත්මක කරන ලදී.
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනුපමා රත්නායක මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ප්‍රජාවගේ සෞඛ්‍ය පහසුකම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම සමාජ සත්කාරක වැඩසටහන පවත්වන ලදී.