Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th March 2025 15:46:37 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 මාර්තු මස 13 දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදී.

මෙම වැඩසටහනේ අංගයක් ලෙස, නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ මේජර් විශ්මික ද සිල්වා විසින් ‘තෘප්තිමත් විවාහ ජිවිතය’ යන මැයෙන් දේශනයක් පවත්වන ලදී. මීට අමතරව, ජපානයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගේ මූල්‍ය අනුග්‍රහක දායකත්වය ඇතිව, එම රෙජිමේන්තු නිලධාරින්ගේ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකුට මසකට රු. 3,000.00 බැගින් වසර දෙකක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී. තවද, කුසපත් ඇදීමකින් එම රෙජිමේන්තු සෙසු නිලයන්ගේ භාර්යාවන් 13 දෙනෙකු වෙත වටිනා සාරි 13 ක් ඇතුලත් තෑගි පාර්සල් ප්‍රදානය කරන ලදී.