Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th March 2025 21:57:14 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 14 දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකක කාර්යාල පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම සුභසාධන වැඩසටහන අතරතුරදී, සේවයේ නියුතු රණවිරුවන් 5 දෙනෙකුගේ භාර්යාවන් වෙත රෙදි මහන යන්ත්‍ර 5 ක්, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියෙකු සහ දිවංගත රණවිරුවෙකුගේ භාර්යාවක් වෙත තවත් රෙදි මහන යන්ත්‍ර දෙකක් ද පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, රණවිරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය පොත් සහ පාසල් උපකරණ ඇතුළු ත්‍යාග පාර්සල් කිහිපයක් ද පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම, සිවිල් සේවක මහත්වරුන් 50 දෙනෙකුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය පොත්පත් සහ පාසල් උපකරණ ඇතුළු ත්‍යාග පාර්සල් කිහිපයක් ද පරිත්‍යාග කෙරුණු අතර පාසල් පාවහන් ලබාගැනීම සඳහා රුපියල් 3000.00 ක වවුචර්පත් ද පරිත්‍යාග කෙරිණි.