15th March 2025 21:28:42 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික මහසභා රැස්වීම 2025 මාර්තු මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහභාගි විය.
ආරම්භක පිළිවෙත් වලින් අනතුරුව, සේවා වනිතා ඒකකය වෙතින් සිදුකරනු ලබන සුභසාධන වැඩසටහන් සහ අනෙකුත් ව්‍යාපෘතීන් පිළිබඳව කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි. අනතුරුව, සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සමඟින් දවසේ න්‍යායපත්‍රය පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඉන් පසුව, විධායක කමිටුවේ පුරප්පාඩු පවතින තනතුරු සඳහා පහත පරිදි සාමාජිකයන් පත්කරනු ලැබීය:
උප සභාපතිනි: ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය
ලේකම්: සුරංගි අමරපාල මහත්මිය
උප ලේකම්: අනෝජා පීරිස් මහත්මිය
මහජන සම්බන්ධතා නිලධාරිනි: දර්ශනී යහම්පත් මහත්මිය
සහකාර මහජන සම්බන්ධතා නිලධාරිනි: දුලාෂි මීපාගල මහත්මිය
ව්‍යාපෘති අධීක්‍ෂණ නිලධාරිනි: වින්ධ්‍යා ප්‍රේමරත්න මහත්මිය
අනතුරුව, රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වත්මන් රජයේ උපදෙස් ප්‍රකාරව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට අනුකූල වන පරිදි කටයුතු සිදුකළ යුතු බව අවධාරණය කළාය. එමෙන්ම, අනවශ්‍ය වියදම් අවම කරමින් එම අරමුදල් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා වෙන් කරන ලෙසත් එතුමිය රෙජිමේන්තු සේවා වනිතා ශාඛා සභාපතිනියන් වෙත උපදෙස් ලබාදෙන ලදී.
ඉන් පසුව, සේවා වනිතා ඒකකයේ විධායක ලේකම් මේජර් පී.ජී.පී.සී ජෝෂප් විසින් පෙර රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කළ අතර භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී කුමාරි විසින් විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදී. පසුව, රණවිරුවන් සඳහා අතිරේක සුභසාධන වැඩසටහන් සංවිධානය කිරීම සහ කාර්යක්‍ෂමතාවය සහතික කිරීම සඳහා එම ඒකකයේ වාර්ෂික සුභසාධන ව්‍යාපෘති ඵලදායී ලෙස කළමනාකරණය කිරීම පිළිබඳව ද සභාපතිනිය තවදුරටත් අවශ්‍ය මඟපෙන්වීම් ලබාදුන්නාය.
මෙම රැස්වීමට සමගාමීව, සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන් ද සිදුකරනු ලැබීය.
ඒ අනුව, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 4 දෙනෙකුගේ නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා රුපියල් ලක්‍ෂ 6 බැගින්, අර්ධ වශයෙන් ඉදිකළ නිවාසවල ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා රණවිරුවන් දෙදෙනෙකු වෙත රුපියල් 450,000.00 බැගින්, දිවංගත විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවෙකුගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවසක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා රු. 800,000.00 ක් සහ අර්ධ වශයෙන් ඉදිකළ නිවාසවල ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා සිවිල් සේවක මහත්වරුන් තිදෙනෙකු වෙත රුපියල් 300,000.00 බැගින් මූල්‍ය පරිත්‍යාගයන් සිදුකෙරිණි.
තවද, රෝගාබාධවලින් පෙළෙන දරුවන් සිව්දෙනෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා රුපියල් 100,000.00 බැගින් වූ මූල්‍ය පරිත්‍යාග තුනක් සහ රුපියල් 96,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය. එසේම, මීට ප්‍රථම නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය ප්‍රදානයන් ලබාගත් රණවිරුවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ රණවිරුවන් දෙදෙනෙකු වෙත රුපියල් 200,000.00 බැගින් සහ රණවිරුවන් 6 දෙනෙකු වෙත රුපියල් 150,000.00 බැගින් මූල්‍ය පරිත්‍යාගයන් සිදුකරනු ලැබිණි.
මේ අතර, උපතින්ම ඇවිදීමට නොහැකි පාසල් අධ්‍යාපනය ලබන 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ රණවිරුවෙකුගේ ආබාධිත දරුවෙකු වෙත රු. 340,000.00 ක වටිනාකමකින් යුත් විශේෂයෙන් නිර්මාණය කරන ලද විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
මීට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් රණවිරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ආරම්භ කරන ලද සුභසාධන ව්‍යාපෘති සඳහා සහයෝගය දක්වමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත රුපියල් 150,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන ලදී.