10th March 2025 17:35:34 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවාවනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 09 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහන් දෙකක් පවත්වන ලදී.
ඒ අනුව, 2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සාමාජිකයන්ගේ ගර්භනී භාර්යාවන් 92 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා සාමාජිකාවන් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.