10th March 2025 14:26:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 02 දින මහනුවර, වැලිගල්ල ශ්‍රී තුසිත දහම් පාසල් පරිශ්‍රයේදී අවශ්‍යතා සහිත දරු දැරියන් 112 දෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
එහිදී, එම දරු දැරියන් වෙත පොත්, පාසල් බෑග්, කෑම පෙට්ටි, වතුර බෝතල්, සෙරෙප්පු, පෑන්, පැන්සල් පරිත්‍යාග කළ අතර ඔවුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජනරාල් මූල්‍ය කළමාණාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සාමාජිකයන්, ගුරු භවතුන්, දරු දැරියන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.