10th March 2025 14:31:09 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අයේෂා ලියනගේ මහත්මියගගේ මඟපෙන්වීම මත 2025 මාර්තු මස 07 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී එම රෙජිමේන්තු සාමාජිකයෙකුගේ දරුවන් වෙනුවෙන් කිරිපිටි පරිත්‍යාගයක් සිදුකරන ලදී.
ප්‍රතිලාභී යුද්ධ හමුදා සාමාජිකයාගේ අවුරුද්දක් සහ මාස තුනක් වයසැති නිවුන් දියණියන්ට ඔවුන්ගේ මව අහිමිව ඇති අතර, ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා එම අවශ්‍යතාවයන් සබැඳිව සොයාබැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, එම පරිත්‍යාගය අඛණ්ඩව මාසිකව සිදුකරනු ලබයි.