05th March 2025 14:38:40 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනූපමා රත්නායක මහත්මියගේ මඟපෙන්වීම මත 15 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 28 දින මතුගම ප්‍රදේශයේ පිහිටි දිවංගත ලාන්ස් කෝප්‍රල් පී.කේ.සී මනෝජ් ගේ නිවස ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
ප්‍රතිසංස්කරණය කරනු ලැබූ නිවස ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ සුරතින් දිවංගත රණවිරුවාගේ පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙන ලදී.