05th March 2025 14:42:49 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අප්සරා පීරිස් මහත්මියගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය මත 2025 පෙබරවාරි මස 26 දින පනාගොඩ පිහිටි 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යටතේ සේවයේ නියුතු තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්වරුන් වෙත දෙමුහුන් මිරිස් පැළ 1,000 කට අධික ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන චතුරිකා ජයසුන්දර මහත්මිය සහභාගි වූ අතර, මෙම පැළ බෙදාදීමේ වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස දෙමුහුන් මිරිස් පැළ සහ කාබනික පොහොර බෙදාදෙන ලදී.
මෙම වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් කෘෂිකර්මාන්තය පිළිබඳ කථිකාචාර්යවරයෙකු වන ඒ.එච් රණවීර මහතා විසින් දේශනයක් පැවැත්වූ අතර එහිදී සහභාගිවූවන් වෙත කෘෂිකර්මාන්තය පිළිබඳ අවබෝධයක් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.