Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th March 2025 14:50:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟපෙන්වීම මත 2025 පෙබරවාරි මස 25 දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ අබේසිංහ සහභාගි විය.

මෙම වැඩසටහන අතරතුරදී, යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දුවා දරුවන් 225 දෙනෙකු වෙනුවෙන් රුපියල් 2,240,000.00 ක වටිනාකමකින් යුත් පොත්පත්, සපත්තු සහ පාසල් බෑග් ඇතුළු අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ පාසල් සිසු සිසුවියන් රැසක් සහභාගි වූහ.