Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd March 2025 14:55:21 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක කාර්යය මණ්ඩලයේ සමාජිකයන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 23 දින පවත්වන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සිවිල් සේවක කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ දරු දැරියන් සහභාගි වූහ.