Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th February 2025 16:41:06 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ගැබිණි මව්වරුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ මඟ පෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ, එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 පෙබරවාරි මස 24 දින පරාක්‍රමපුර, බුද්ධංගල මහජන පවුල් සෞඛ්‍ය සේවා කාර්යාල පරිශ්‍රයේදී විශේෂ බලකායේ රාජකාරියෙහි නියුතු නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ ගර්භනී භාර්යාවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.