Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th February 2025 11:43:36 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දින කිලිනොච්චිය ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහා පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

එහිදී, ගැබිනි මව්වරුන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් 50 ක් බෙදා දෙන ලද අතර, වෛද්‍ය සායනයක් ද පවත්වන ලදී.

මෙම සුභසාධන වැඩසටහන සඳහා 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම නිලයන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශයේ දානපතියන් විසින් මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදී.