Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th February 2025 10:50:07 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් මානසික සුවතාවය පවත්වාගැනීම පිළිබඳ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 පෙබරවාරි මස 14 දින නිලධාරිනියන් සහ කාන්තා සෙබළියන් වෙනුවෙන් මානසික සුවතාවය පවත්වාගැනීම සහ අභිප්‍රේරණය පිළිබඳ වැඩසටහනක් පැවැත්වීය.

මනෝවිද්‍යාඥ ආචාර්ය භාග්‍යා දේශප්‍රිය විසින් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා නිලධාරිනියන්, කාන්තා සෙබළියන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ඇතුළු 75 දෙනෙකු සහභාගි වූහ.

මෙම වැඩසටහනට සමගාමීව, විනෝදාස්වාද වැඩසටහනක් ද පැවති අතර, එසේම යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 12 දෙනෙකුගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් පාසල් උපකරණ පරිත්‍යාගයක් මෙන්ම, අංශභාග රෝගයෙන් පෙළෙන මවක් වෙත උපකාර කිරීමේ අරමුණින් සිවිල් සේවක මහතෙකු වෙත රෝද පුටුවක් ද පරිත්‍යාග කරනු ලැබීය.

වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින්, දිනුම් ඇදීමක් ඔස්සේ කාන්තා සෙබළියන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාගයන් ද සිදුකෙරිණි.