18th February 2025 13:57:48 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම මත පනාගොඩ, විරු කැකුළු පෙරපාසලේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යයන කාමරය අභිනවයෙන් ඉදිකර 2025 පෙබරවාරි මස 17 දින පැවති උත්සවයකදී විවෘත කරනු ලැබීය.
පෙරපාසල් පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි පෙරපාසල් දරු දැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, අභිනවයෙන් ඉදිකළ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කාමරය සඳහා සංකේතාත්මකව ළමුන් ලියාපදිංචි කිරීමෙන් පසුව එම දරු දැරියන් වෙත කෙටි ආහාර පිරිනමනු ලැබීය. ඉන්පසුව, පෙරපාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය පරීක්‍ෂා කළ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එම පරිශ්‍රයේ තිබෙන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු සටහනක් ද තැබීය.
විවිධ අවශ්‍යතාවයන් සඳහා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කරන ලද පනාගොඩ, රොමියල් මාවතේ පිහිටි නිවස සහ පනාගොඩ, රූපලාවන්‍යාගාරය නිරීක්‍ෂණය කිරීම සඳහා ද එතුමිය සහභාගි වූවාය. එම ස්ථානවල සිදුකළ යුතු වැඩිදියුණු කිරීම් සබැඳිව ද එතුමිය උපදෙස් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට පනාගොඩ විරුකැකුළු පෙරපාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා සුරංගි අමරපාල මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් සම්බන්ධීකරණ, පෙරපාසල් ගුරු භවතුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ.