17th February 2025 16:07:19 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් 2025 පෙබරවාරි මස 13 දින මීගොඩ, නඩුහේන මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික දරු දැරියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහන අතරතුරදී, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කැලිප්සෝ සංගීත කණ්ඩායම වෙතින් සංගීත වැඩසටහනක් පවත්වමින් දරු දැරියන් විනෝදාස්වාදයට පත්කිරීමෙන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.