15th February 2025 12:53:34 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දුලාෂි මීපාගල මහත්මියගේ මඟ පෙන්වීම යටතේ 2025 පෙබරවාරි මස 12 දින රොක් හවුස් කඳවුරු පරිශ්‍රයේදී ධර්ම දේශනාවක් පවත්වන ලදී.
නුගේගොඩ ප්‍රඥෝධය මහා පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය එම්. සුගතසිරි හිමියන් විසින් එහිදී මියගිය සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්, සේවයේ නියුතු හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශිර්වාද පතා මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. මෙම වැඩසටහනට අමතරව එම සේවා වනිතා ශාඛාවේ මාසික සභා රැස්වීමද දුලාෂි මීපාගල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.