14th February 2025 18:32:55 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව සහ 4 ශ්‍රී ලංකා ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එක්ව එම බලමුළුවේ රාජකාරියෙහි නියුතු සාමාන්‍ය සෙබළ කේ.ජේ.ඩී කුමාරසිංහ ගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු නිම කර 2025 පෙබරවාරි මස 9 දින භාර දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී සමඟින් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මිය සහභාගි වූහ.
මෙම ව්‍යාපෘතිය දානපතියන්ගේ මූල්‍යමය දායකත්වය සහ 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් හි ශ්‍රම දායකත්වය මත සිදුකරන ලදී. එම සේවා වනිතා ශාඛාව විසින් එහිදී එම පවුලේ සාමාජියන් වෙත අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ද පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.