14th February 2025 14:12:16 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස මහේෂා ආරියසේන මහත්මිය විසින් 2025 පෙබරවාරි මස 9 දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි භාර ගන්නා ලදී.
ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමිය සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවාය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ එම සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් සභාගිවෙමින් එතුමියට සුභ පැතුම් එක් කළහ.