Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th February 2025 17:59:35 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනිය වෙත උපහාර පිරිනමයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය වෙත උපහාර පිරිනැමීමේ උත්සවයක් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු නිලධාරි නිවස්නයේදී 2025 පෙබරවාරි මස 08 දින පැවැත්විණි.

එහිදී එතුමිය විසින් සිදුකරනු ලැබූ සේවය ඇගයීමට ලක්කරනු ලැබූ අතර, උත්සව කටයුතු අවසානයේදී සුමංගලී පතිරවිතාන මහත්මිය විසින් එතුමිය වෙත සමරු තිළිණයක් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගි වූහ.