13th February 2025 17:57:34 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි අබේසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2025 පෙබරවාරි මස 11 දින අත්තිඩිය, මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත වූහ.
එහිදී නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් සංගීත වැඩසටහනක් ද පවත්වනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් ප්‍රථිකාර ලබන රණවිරුවන් හා සුවතා නිකේතනය වෙත අත්‍යාවශ්‍ය භාන්ඩ පරිත්‍යාගයන් ද සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.