12th February 2025 21:59:40 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 පෙබරවාරි මස 06 දින පාන්ගොල්ල, සේවා වනිතා කඩදාසි ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.
මෙම සංචාරය අතරතුරදී, අඛණ්ඩව සිදුකරනු ලබන කඩදාසි ප්‍රතිචක්‍රීකරණ මෙහෙයුම් පිළිබඳව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ යුද්ධ හමුදාධිපතිතුමන් නිරීක්‍ෂණය කළ අතර, එම ව්‍යාපෘතියේ වත්මන් ක්‍රියා පටිපාටිය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් විය. ව්‍යාපෘතියේ දීර්ඝකාලීන සාර්ථකත්වය වෙනුවෙන් නවෝත්පාදනය සහ ප්‍රශස්තිකරණයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරමින් කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ද ලබාදෙන ලදී.
එමෙන්ම, එම පරිශ්‍රයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ නවාතැන් පහසුකම් පිළිබඳව පරීක්‍ෂා කළ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ යුද්ධ හමුදාධිපතිතුමන් එම ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් වැඩිදියුණු කළ නව නවාතැන් පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ද ලබාදුන්හ.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.