Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th February 2025 17:24:56 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ස්වයං රැකියා ප්‍රවර්ධන වැඩසටහනක්

යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ස්වයං රැකියවන් සඳහා පෙළඹවීමේ අරමුණින් ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවාවනිතා ශාඛාව වෙතින් කෙසෙල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 30 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

වැඩසටහන අතරතුරදී, හෝමාගම පැළෑටි වෛරස හඳුනාගැනීමේ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් එම රෙජිමේන්තු සාමාජිකයන් වෙත කෙසෙල් පැළ බෙදාදීමක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකා සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.