11th February 2025 17:15:31 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය දිල්රුක්‍ෂි විමලරත්න මහත්මියගේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ ‘Vision Force Studio’ මැදිරිය 2025 පෙබරවාරි මස 8 දින නිල වශයෙන් විවෘත කරනු ලැබීය.
මෙම මැදිරිය තුළින්, උසස් තත්ත්වයේ ඡායාරූපකරණය, වීඩියෝකරණය, වීඩියෝ සංස්කරණය සහ ඒ ආශ්‍රිත සේවාවන් සාධාරණ මිළ ගණන් යටතේ සිදුකරගැනීමේ හැකියාව පවතී.
මෙම අවස්ථාවට ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගැමුණු හේවා බලකා සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.