11th February 2025 13:51:31 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 77 වන නිදහස් දින පෙළපාළිය සඳහා සහභාගි වූ භටපිරිස් වෙනුවෙන් ශක්තිජනක පානයන් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන 2025 ජනවාරි මස 30 දින සිට පෙබරවාරි මස 4 දින දක්වා පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රමුඛ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.