Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th February 2025 13:56:53 Hours

සෘජුකාරක හා අංගාදේශක මධ්‍යස්ථානය සංවිධානය කළ වෛද්‍ය සායනය සඳහා පානීය ජල බෝතල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 21 දින පනාගොඩ, සෘජුකාරක හා අංගාදේශක මධ්‍යස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබූ වෛද්‍ය සායනය සඳහා එම සේවා වනිතා ශාඛාව වෙතින් පානීය ජල බෝතල් 700 ක් පරිත්‍යාග කරනු ලැබීය.

සෘජුකාරක හා අංගාදේශක මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන් වෙත මෙම පරිත්‍යාගයන් පිරිනැමූ අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.