11th February 2025 13:53:59 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දර්ශනී යහම්පත් මහත්මියගේ අධීක්‍ෂණය මත 2025 ජනවාරි මස 30 දින හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් බිම්මල් වගාව පිළිබඳ ස්වයං රැකියා වැඩමුළුවක් පවත්වනු ලැබීය.
මෙම වැඩමුළුව අතරතුරදී, දැනුවත් කිරීමේ සැසියක් සහ ප්‍රායෝගික පුහුණුවක් ද පවත්වනු ලැබිණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි වූහ.