07th February 2025 16:06:45 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් එච්.එම්.අයි.එල් අබේසිංහගේ දියණියගේ ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍යය නෙබියුලයිසර් යන්ත්‍රයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය විසින් 2025 පෙබරවාරි මස 06 දින අනුරාධපුරයේ දී පරිත්‍යාග කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ ඉල්ලීම පරිදි සැරයන් එච්.එම්.අයි.එල්. අමරසිංහ ගේ හත් හැවිරිදි දියණියගේ ප්‍රතිකාර සඳහා භාවිත කිරීමට මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගි විය.