Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th February 2025 09:21:58 Hours

4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්‍ෂ මහත්මියගේ මඟපෙන්වීම මත 2025 ජනවාරි මස 30 දින 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් නිල වශයෙන් නිවාසලාභියා වෙත පවරාදෙනු ලැබීය.

4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් එච්.බී.එම්.ඩබ්ලිව්.එස්.ඒ.බී මහගෙදර එල්එස්සී ගේ අධීක්‍ෂණය මත 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සහ 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ඉදිකිරීම් කටයුතු සඳහා සිය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදෙන ලදී.

නිර්මල ජයරත්න මහතා සහ ප්‍රියංගා අමරසිරි මහත්මිය විසින් ලබාදුන් මූල්‍යමය හා ද්‍රව්‍යමය අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කරනු ලැබීය.