Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th February 2025 09:25:44 Hours

4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සාමාජිකයන් පොළොන්නරුව රෝහල් ලේ බැංකුව වෙත සිය රුධිරය පරිත්‍යාග කරයි

4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 60 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් 2025 ජනවාරි මස 30 දින පොළොන්නරුව ශික්‍ෂණ රෝහල් ලේ බැංකුව වෙත රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් එච්.බී.එම්.ඩබ්ලිව්.එස්.ඒ.බී මහගෙදර එල්එස්සී සහ චංචලා මහගෙදර මහත්මියගේ මඟපෙන්වීම මත පොළොන්නරුව ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන මෙහෙයවනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්‍ෂ මහත්මියගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.