06th February 2025 10:06:00 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ 15 වන සභාපතිනිය ලෙස අයේෂා ලියනගේ මහත්මිය 2025 ජනවාරි මස 25 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි අයේෂා ලියනගේ මහත්මිය එම ශාඛාවේ උප සභාපතිනිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමිය සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. පසුව, එතුමිය මෙම අවස්ථාව සඳහා සහභාගි වූවන් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව එම සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු සාමාජිකාවන් පත්කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.