Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th February 2025 17:39:30 Hours

මින්නේරිය විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පවත්වයි

මින්නේරිය විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 ජනවාරි මස 24 දින කාලතුවක්කු හමුදා පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබූ මෙම විවිධ ප්‍රසංගයේදී කුඩා දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදැක්විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේවා වනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන නිර්මලී විජේකෝන් මහත්මිය සහභාගි විය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව කුඩා දරු දැරියන් විසින් විචිත්‍රවත් පිළිගැනීමේ නර්තනයක් ඉදිරිපත් කරනු ලැබූහ. උත්සවය අතරතුරදී, දරු දැරියන් විසින් වර්ණවත් නර්තන අංගයන්, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය නාට්‍ය අංගයන් සහ ගීත ගායනයන් තුළින් සිය සෞන්දර්යාත්මක හැකියාවන් ද එළිදක්වන ලදී.

මෙම අවස්ථාවට භඨකාර්ය සම්පාදන ආඥාපති - නැගෙනහිර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ගුරු භවතුන්, පෙරපාසල් කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.