04th February 2025 15:15:32 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස සචේතා හේවගේ මහත්මිය එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 2025 ජනවාරි මස 31 දින සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
කාර්යාල පරිශ්‍රය වෙත සපැමිණි, එතුමිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි ශෂිකා කරුණාරත්න මහත්මිය විසින් පිළිගනු ලැබීය.
ආගමික වතාවත්වලින් අනතුරුව සචේතා හේවගේ මහත්මිය සිය නව පත්වීම භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබුවාය.
උත්සවය අවසානයේ මෙම අවස්ථාව සඳහා සහභාගි වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් නව සභාපතිනිය වෙත සුභ පැතුම් පිරිනැමීය.