Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd February 2025 16:24:36 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අභිමංසල - I සුවතා නිකේතනයේ නිල සංචාරයක

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අනුරාධපුර, ‘අභිමන්සල I’ සුවතා නිකේතනයේ 2025 පෙබරවාරි මස 2 දින නිල සංචාරයක නිරත වූහ.

එහිදී එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණ විරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දුන් අතර, සංචාරයේ කටයුතු අවසන් කරමින් ඔවුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ද පිරිනැමීය.

මෙම සංචාරය සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.