Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd February 2025 16:28:12 Hours

2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නව නිවසක්

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, 2025 ජනවාරි මස 31 දින මහනුවරදී, කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත නිවසක් ඉදිකර භාර දෙන ලදී.

නව නිවස 2 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.වී.ආර්.පී කුමාර ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ ඉදිකරනු ලැබීය. තවද, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් නිවාස ලාභියා වෙත රුපියල් 10,000 ක වටිනාකමකින් යුත් විදුලි උපකරණයක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී විය.