03rd February 2025 16:34:00 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අප්සරා පීරිස් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, 2025 ජනවාරි 30 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපොල පරිශ්‍රයේදී සුභසාධන වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
එම වැඩසටහනට සමගාමීව රටවෙනුවෙන් දිවිපිදූ, ආබාධිත සහ සේවයේ නියුතු රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශිර්වාද කිරීම සඳහා පූජ්‍ය පදලංගල ධම්මදේව හිමියන් විසින් බෝධි පූජා පිංකමක් පවත්වන ලදී. තවද, රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රණවිරු බිරිඳ තේමාව යටතේ හරවත් දේශනයක් පවත්වන ලදී.
එහිදී, රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන් වෙත රුපියල් 7,000.00 බැගින් වූ වියළි ආහාර සලාක ඇසුරුම් 20 ක් බෙදා දුන් අතර, සියලුම රණවිරුවන්ගේ භාර්යාවන් වෙත එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් විශේෂ ත්‍යාග පිරිනමන ලදී.
මෙම අවස්ථාවට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ භාර්යාවන් හා සිවිල් සේවක මහතුන් සහභාගී වූහ.