Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd February 2025 16:35:22 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මාසික සභා රැස්වීම සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මාසික සභා රැස්වීම 2025 ජනවාරි මස 30 දින කටුබැද්ද, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපොල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අප්සරා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

2025 වර්ශය සඳහා සුභසාධන වැඩසටහන්, නව කමිටු සාමාජිකාවන් පත් කිරීම සහ රණවිරු පවුල් සඳහා අරමුදල් රැස් කිරීමේ කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සාමාජිකාවන් සහභාගී වූහ.