03rd February 2025 16:40:41 Hours
පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරතවන දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් එම පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 ජනවාරි මස 25 දින හෝමාගම, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා සුරංගි අමරපාල මහත්මිය සහභාගී වූ අතර, එහිදී පෙර පාසල් ළමුන් විසින් එතුමිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය. සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් ප්‍රසංගයේ වැඩකටයුතු ආරම්භ වූ අතර, අනතුරුව එම දරු දැරියන් විසින් නිර්මාණ ශීලී, ආකර්ශනීය නර්තන සංදර්ශන, නාට්‍ය සහ ගීත ඉදිරිපත් කරමින් කලාත්මක හැකියාවන් සහ කුසලතාවයන් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ගුරුවරුන්, කාර්යය මණ්ඩලය සහ දෙමාපියන් සහභාගී වූහ.