02nd February 2025 21:07:10 Hours
යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ යුද්ධ හමුදා ප්‍රවීණයන් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා වනිතා ශාඛාව වෙතින් දක්වන දායකත්වය යළි තහවුරු කරමින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී විදුලි ත්‍රිරෝද රථ තුනක් 2025 පෙබරවාරි මස 01 දින පරිත්‍යාග කළේය.
මෙම පරිත්‍යාග වැඩසටහන එම රණවිරුවන් මව්බිම වෙනුවෙන් සිදුකළ අමිල සේවයට ගෞරව කිරීම සහ ඔවුන් හට සහාය දැක්වීම අරමුණු කරගනිමින් පවත්වන ලදී.
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුරංගි අමරපාල මහත්මිය විසින් අධීක්‍ෂණය කරන ලදී.
මෙම සේවා වනිතා ශාඛාව වෙතින් යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත් යුද්ධ හමුදා ප්‍රවීණයන් සිදු කළ සේවය අගයමින් ඔවුන් හට අඛණ්ඩව සහය දැක්වීම සඳහා ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නංවා ඇත.
ලංකා අයිඕසී පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ දීපක් දාස් මහතාගේ මූල්‍යමය දායකත්වය මත මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.
මෙම ආබාධිත ප්‍රවීණයන්ට සුවපහසුව භාවිතා කිරීම සඳහා එම විදුලි ත්‍රිරෝද රථ වැඩිදියුණු කරමින් නිර්මාණය කර ඇත.