Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd February 2025 20:59:22 Hours

මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියේ පෙරහුරුව සඳහා සහභාගිවන්නන්හට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් ඇන්කර් කිරි පානයක්

යුද්ධ හමුදාධිතිතුමාගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ 77 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලියේ පෙරහුරුවලට සහභාගි වන ත්‍රිවිධ හමුදා භටපිරිස් සහ සියලු දෙනා හට පානය කිරීම සඳහා ශීත කළ කිරි බෙදා දීමේ ව්‍යාපෘතියක් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (පුද්ගලික) සමාගම සමඟ එක්ව 2025 පෙබරවාරි මස 01 දින සිට ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය විසින් සැමරුම් පෙළපාලියේ පෙරහුරුවට සහභාගි වූවන් අතර, සංකේතාත්මකව 2025 පෙබරවාරි මස 01 දින උදෑසන කාලයේදී, මෙම ශීත කළ කිරි බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන සැමරුම් පෙළපාලියේ අවසාන දින දක්වා පෙරහුරුවන් අතරතුරදී ක්‍රියාත්මක කරනු ලබයි.