Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st January 2025 10:26:03 Hours

ඉපලෝගම විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථකව පවත්වයි

ඉපලෝගම විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ කලාත්මක කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා විවිධ ප්‍රසංගයක් කැකිරාව, මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදි 2025 ජනවාරි මස 23 දින පවත්වන ලදි.

මෙම විවිධ ප්‍රසංගයේ දී දරු දැරියන්ට තම කුසලතාවයන් ප්‍රදර්ශනය කිරීමට හැකියාව හිමි වූ අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභගී වූ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන අනෝජා පීරිස් මහත්මියව පෙර පාසල් දරු දැරියන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරමින් පෙර පාසල් ගීතය ගායනා කරන ලදී. දරු දැරියන්ගේ නැටුම්, ගීත සහ ගායනා ඇතුළු සංදර්ශන ඇතුලත් වූ අතර, එමඟින් දරු දැරියන්ගේ කුසලතාවයන් ඉස්මතු විය.

මෙම අවස්ථාවට 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් ඇතුළු ගුරුවරුන්, කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් සහභාගී වූහ.