Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st January 2025 10:34:26 Hours

අනුරාධපුර විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථකව පවත්වයි

පෙර පාසල් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් ඉහල නැංවීම අරමුණින් අනුරාධපුර විරු කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 ජනවාරි මස 23 දින අනුරාධපුර යොවුන් නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙම ප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන අනෝජා පීරිස් මහත්මිය සහභාගී වූවාය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් ප්‍රසංගයේ වැඩකටයුතු ආරම්භ වූ අතර, අනතුරුව වර්ණවත් පිළිගැනීමේ නර්තන අංගයක් පැවැත් විය. පසුව දරු දැරියන්ගේ කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් ආකර්ශනීය නර්තන සංදර්ශන, සිංහල සහ ඉංග්‍රීසි නාට්‍ය සහ ගීත ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවට 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයන් ඇතුළු ගුරුවරුන්, කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් සහභාගී වූහ.