31st January 2025 15:29:43 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්‍ෂ මහත්මිය එක්ව දිවංගත මේජර් ඒ.පී.එස්.යූ. අබේසූරිය නිලධාරිගේ බිරිඳ වන ආශා අබේසූරිය මහත්මිය වෙත ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නවතමයෙන් නිවසක් ඉදිකොට 2025 ජනවාරි මස 20 දින නිල වශයෙන් භාර දෙන ලදී.
15 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදාව, 3 බලඇණිය ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය, 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් මෙම නව නිවසේ ඉදිකිරීම් සිදු කරන ලදී. නව නිවස ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරු නිවාස අරමුදලේ 9 වන අදියර යටතේ අරමුදල් සපයන ලදී. මෙම ව්‍යාපෘතිය 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි, 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි සහ 420 සංයුක්ත බලඝණයේ නිලධාරි අණදෙන ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.