Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st January 2025 15:32:43 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවාවනිතා ශාඛාව විසින් "රණවිරු ප්‍රණාම උළෙල - 2025ˮ පවත්වයි

සන්නද්ධ බුද්ධි බලකායේ 32 වන සංවත්සර දිනය සනිටුහන් කරමින්, "රණවිරු ප්‍රණාම උත්සවය - 2025" නමින් රණවිරු ප්‍රණාම උත්සවයක් සන්නද්ධ බුද්ධි බලකා සේවාවනිතා ශාඛාව විසින් කරන්දෙණියේ සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී 2025 ජනවාරි මස 25 දින පවත්වන ලදී.

මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ බුද්ධි බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිනි හංසිකා මහලේකම් මහත්මිය සහභාගි වූ අතර, මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් හට ගෞරවයක් ලෙස දිවිපිදු රණවිරුවන්ගේ පවුල් 56 ක් සඳහා රුපියල් 7,500 බැගින් වටිනා කීල්ස් වවුචර් එහිදී ප්‍රදානය කරන ලදී.