29th January 2025 12:59:31 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟපෙන්වීම මත දිවයින පුරා ස්ථාපිත කර ඇති විරු කැකුළු පෙරපාසල් 8 හි සේවයේ නියුතු නිලධාරින් සහ ගුරු භවතුන් වෙනුවෙන් 2025 ජනවාරි මස 28 දින කොළඹ යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී උපදේශන වැඩමුළුවක් පවත්වන ලදී. තරුණ ගුරු භවතුන් වෙනුවෙන් අධ්‍යාපන විශේෂඥයින් සතු අත්දැකීම් සහ කුසලතා බෙදාදීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්විණි.
වැඩමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය ඩී.ඩබ්ලිව් තුල්සරා දිසානායක මහත්මියගේ දායකත්වය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ඇය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මැනිං ටවුන් විරු කැකුළු පෙරපාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා සුරංගි අමරපාල මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් (සම්බන්ධීකරණ) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.