Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th January 2025 19:56:22 Hours

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධන පහසුකම් ඉහළ නංවමින් ආපනශාලාවන්හි අලෙවිකරණ කෙටි ආහාරවල මිල ගණන් සමාලෝචනය කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් රණවිරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් සුභසාධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි.

පසුගිය දිනක එම ඒකකය වෙතින් ගනු ලැබූ තවත් සුභසාධන පියවරක් ලෙස යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් යුද්ධ හමුදා සාමාජිකයන් වෙත දැරිය හැකි මිලකට ආහාරපාන ලබාදීමට කටයුතු කර ඇත. යුද්ධ හමුදා ආපනශාලා විවිධ ස්ථානවල ස්ථාපිත කර ඇති අතර, එ් තුළින් සාධාරණ මිල ගණන් යටතේ කෙටි ආහාර මිලදී ගැනීමේ හැකියාව පවතී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය 2025 ජනවාරි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානය, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ කින්නදෙණිය ඇතුළු ස්ථානයන්හි පිහිටි යුද්ධ හමුදා ආපනශාලාවල නිරීක්‍ෂණ සංචාරයක නිරතවෙමින් එම ආපනශාලාවන්හි අලෙවිකරණු ලබන කෙටි ආහාරවල මිල ගණන් සමාලෝචනය කිරීමට කටයුතු කරනු ලැබූ අතර එ් තුළින් යුද්ධ හමුදා සාමාජිකයන් වෙත දැරියහැකි මිල ගණන් ඔස්සේ ආහාරපාන මිලදී ගැනීමේ හැකියාව පවතී.