28th January 2025 19:51:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 7 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සමඟ ඒකාබද්ධව 2025 ජනවාරි මස 23 දින පාන්ගොල්ල, අභිමංසල - III සුවතා නිකේතනයේ සංචාරයක නිරත වී එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා පෙරේරා මහත්මියගේ සුරතින් එම රණවිරුවන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙන ලදී.
ඉන් අනතුරුව, එතුමිය විසින් එම සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සමඟ එක්ව, රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමෙන් පසුව කැලිප්සෝ සංගීතමය වැඩසටහනක් පවත්වා සමූහ ඡායාරූපයක් ද ගනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.