25th January 2025 11:23:23 Hours
පල්ලෙකැලේ විරු කැකුළු පෙර පාසලේ අධ්‍යාපන කටයුතු වල නිරත වන දරු දැරියන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් එම පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී 2025 ජනවාරි මස 20 දින පැවැත්විණි.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන නිලූපා කොඩිතුවක්කු මහත්මිය සහභාගී වූවාය.
සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව අලංකාරවත් පිළිගැනීමේ නර්තන අංගයකින් පසුව උත්සවයේ කටයුතු ආරම්භ විය. අනතුරුව, එම පෙරපාසලේ අධ්‍යාපන කටයුතුවල නිරත දුවා දරුවන් විසින් නර්තන අංගයන්, සිංහල සහ ඉංග්‍රීසි නාට්‍ය අංගයන් ඉදිරිපත් කරමින් හා ගීත ගායනයන් තුළින් සිය කලාත්මක හැකියාවන් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ගුරුභවතුන්, කාර්යය මණ්ඩලය සහ දෙමාපියන් සහභාගී වූහ.