23rd January 2025 14:09:58 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන දියතලාව විරු කැකුළු පෙර පාසලේ අධ්‍යාපන කටයුතු වල නිරත වන දරු දැරියන්ගේ සෞන්දාර්යාත්මක කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින් ඇල්ල, ටෝච් සිනමා ශාලාවේදී එම පෙරපාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 ජනවාරි මස 21 දින පැවැත්විණි. එම ළමුන්ගේ හැකියාවන් සියැසින් දැකබලාගැනීම සඳහා දරු දැරියන්ගේ දෙමාපියන් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් දිවයින පුරා පවත්වාගෙන යනු ලබන පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුළින් රණවිරුවන්ගේ පවුල්වල දුවා දරුවන්ට පමණක් නොව හමුදා නොවන පවුල්වල දුවා දරුවන්ගේ ද අධ්‍යාපනික කටයුතු සහ සුබසාධන කටයුතු වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම විවිධ ප්‍රසංගය අතරතුරදී, දුවා දරුවන්ට සිය සෞන්දර්යාත්මක හැකියාවන් තුළින් සිය කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමිවූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ සේවා වනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකා සුනේත්‍රා චන්ද්‍රස්කර මහත්මිය වෙත පෙර පාසල් දරුවන් විසින් සාම්ප්‍රදායික බුලත් හුරුල්ලක් පිළිගන්වමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පෙර පාසල් ගීතය ගායනා කරනු ලැබීය. අනතුරුව, එම පෙරපාසලේ අධ්‍යාපන කටයුතුවල නිරත දුවා දරුවන් නර්තන අංගයන් සහ ගීත ගායනයන් තුළින් සිය කලාත්මක හැකියාවන් තුළින් ප්‍රේක්‍ෂකයන් පිනවූහ. එම දුවා දරුවන්ගේ නිර්මාණශීලීත්වයෙන් යුතු ඉදිරිපත් කිරීම් තුළින් සහභාගී වූවන් විනෝදාස්වාදයට පත්ව ඔවුන්ගේ කුසලතාවයන් ඇගයීමට ලක්කළහ.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් (පාලන/භඨකාර්ය සම්පාදන) බ්‍රිගේඩියර් කේ.එම්.ජේ.එන්.ආර්.කේ චන්ද්‍රසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගුරු භවතුන්, පෙරපාසල් කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් පිරිසක් ද සහභාගි වූහ.