Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd January 2025 14:02:19 Hours

රණවිරු සෙවන සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත රෝද පුටුවක් පරිත්‍යාග කෙරේ

රාගම රණවිරු සෙවණ සුවතා නිකේතන පරිශ්‍රයේදී 2025 ජනවාරි මස 22 දින පැවති විශේෂ වැඩසටහනක් අතරතුරදී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් බී.එම්.ජී.සී.පී. නවරත්න වෙත රෝද පුටුවක් පරිත්‍යාග කෙරිණි.

රාජකාරියේ නිරතව සිටියදී අනපේක්‍ෂිත ලෙස මාර්ග අනතුරකට ලක් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් බරපතල තුවාල ලැබීම හේතුවෙන් සිය ශරීරයේ පහළ කොටස ස්ථිර ආබාධිත තත්ත්වයකට ලක්විය. එතුමන්ගේ චලන හැකියාවන් සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම විදුලි රෝද පුටුව පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය සහභාගි වූ අතර, රණවිරු සෙවන සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.එම්. කුමාරසිංහ ආර්එස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් (සම්බන්ධීකරණ) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.